ලෝක බැංකුව, ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකා රුපියල්වලින් ණය දීම අරඹයි

TV SUPREME | ලෝක බැංකුව, ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකා රුපියල්වලින් ණය දීම අරඹයි
ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවල විදේශ විනිමය අවදානම අවම කිරීම සහ පුනර්ජනනීය බලශක්ති හා යටිතල පහසුකම් ක්ෂේත්‍රවල පෞද්ගලික ආයෝජන ඉහළ නැංවීමේ අරමුණින්, ශ්‍රී ලංකාවට රුපියල්වලින් ණය ලබා දීමට ලෝක බැංකු සමූහය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, ලෝක බැංකු සමූහයට අයත් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ HSBC ශ්‍රී ලංකා බැංකුව අතර වසර 06ක කාලයක් සඳහා ශ්‍රී ලංකා රුපියල්වලින් ණය ලබා ගැනීමේ පහසුකමක් ස්ථාපනය කර ඇති බවයි ලෝක බැංකුව ඊයේ නිවේදනය කර තිබුණේ.
ස්ථාවර පොලී අනුපාතයක් යටතේ ක්‍රියාත්මක මෙම මූල්‍ය පහසුකමේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 05කට සමාන වන අතර, එය ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව ශ්‍රී ලංකාව සඳහා මෙවැනි ණය පහසුකමක් සපයන ලද පළමු අවස්ථාව ද වෙනවා. එසේම මෙම රුපියල් ගනුදෙනුව ලෝක බැංකුවේ මෙහෙයවීමෙන් ආසියානු රටක් සමග කරන පළමු ගනුදෙනුව ද බවයි වාර්තා වෙන්නේ.
ඒ් සමගම ලෝක බැංකු සමූහයට අයත් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව විසින් මෙරට ප්‍රමුඛ පෙළේ පුනර්ජනනීය බලශක්ති සමාගමකට අමෙරිකානු ඩොලර් මිලියන 10කට සමාන වටිනාකමකින් යුත් රුපියල් ණයක් වසර 10ක කාලයක් සඳහා ලබාදීමට ද කටයුතු කර තිබෙනවා.
එය ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව මෙතෙක් ලබාදී ඇති දීර්ඝතම කාලසීමාවක් සහිත ශ්‍රී ලංකා රුපියල් ණය පහසුකම මෙන්ම, යටිතල පහසුකම් ක්ෂේත්‍රය සඳහා රුපියල්වලින් ලබාදෙන පළමු ණය පහසුකම ද වෙනවා.
එමෙන්ම, ශ්‍රි ලංකාව මුහුණදුන් ආර්ථික අර්බුදයෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ සිදුකරන පළමු ආයෝජනය ද මෙය බවයි පැවසෙන්නේ.
දේශීය ව්‍යාපාරවලට තමන් ආදායම් උපයන මුදල් ඒකකයෙන්ම ණය ලබා ගැනීමට අවස්ථාව සැලසීම මගින් විනිමය අනුපාත උච්චාවචනයන්ගෙන් ඇතිවන අවදානම අවම කිරීමට හැකි බවයි මෙම රුපියල් ණය පහසුකම නිවේදනය කරමින්, ලෝක බැංකුව පෙන්වා දෙන්නේ.
Published by
vishaka
Comments
Reader comments will be connected later.




