TV SUPREME|Colombo ...🌤️
TV Supreme
LIVE
Back to Latest News
දේශීය පුවත්News

ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව අතර HIV ආසාදිතයින් ප්‍රමාණය ඉහළට, වැඩි දෙනෙක් පිරිමින් සමග ලිංගික සබඳතා පවත්වන්නන්

Speed
සිංහල හඬ
si-LK-SameeraNeural
November 26, 20264:40 PM0 viewsBy vishaka
ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව අතර HIV ආසාදිතයින් ප්‍රමාණය ඉහළට, වැඩි දෙනෙක් පිරිමින් සමග ලිංගික සබඳතා පවත්වන්නන්

TV SUPREME | ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව අතර HIV ආසාදිතයින් ප්‍රමාණය ඉහළට, වැඩි දෙනෙක් පිරිමින් සමග ලිංගික සබඳතා පවත්වන්නන්

Share this story

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු අවුරුදු 20ත් 24ත් අතර තරුණ ප්‍රජාව අතර HIV ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකය පවසනවා

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රජා වෛද්‍ය විශේෂඥ මාධවී ගුණරත්න සඳහන් කළේ, මේ වසරේ තුන්වන කාර්තුව අවසන් වන විට අවුරුදු 15ත් 24ත් අතර වයසේ පසුවන නව HIV ආසාදිතයින් 88 දෙනෙකු මෙරටින් වාර්තා වී ඇති බවයි.

එම නව ආසාදිතයින්ගෙන් 78 දෙනෙක් ම අවුරුදු 20ත් 24ත් අතර වයසේ පසුවන තරුණ තරුණියන් බවයි ඇය වැඩිදුරටත් අනාවරණය කළේ. 1987 දී ශ්‍රී ලංකාවේ පළමු HIV රෝගියා වාර්තා වූ තැන් සිට, 2026 තුන්වන කාර්තුව අවසන් වන විට ශ්‍රි ලංකාවෙන් HIV ආසාදිතයින් 8,111 ක් හඳුනාගෙන ඇති බවත්, ඒ් සමගම රට තුළ HIV ආසාදිතයින් 8,700 ක් පමණ සිටින බවට ඇස්තමේන්තු කර ඇති බවත් වෛද්‍යවරිය සඳහන් කරනවා.

වාර්තා වූ රෝගීන්ගෙන් 87% කට ආසන්න ප්‍රමාණයක් පිරිමින් වන අතර, HIV ආසාදිත පිරිමින්ගෙන් 87% ක්ම පිරිමින් සමඟ ලිංගිකව හැසිරෙන පිරිමින් බවයි අනාවරණය වී ඇත්තේ.

එසේම වයස අවුරුදු 15 ත් 24 ත් අතර තරුණ ඛාණ්ඩයේ HIV සම්ප්‍රේෂණය ඉහළ යෑම එන්නත් කිරීම මගින් සිදුවන බවටයි අනාවරණය වී ඇත්තේ.

ශ්‍රී ලංකාව තුළ මෙසේ HIV ආසාදිතයින් ඉහළ යන්නේ, 2010 වසරට සාපේක්ෂව 2025 දී ලොව පුරා නව HIV ආසාදන 42% කින් අඩු වී ඇති පසුබිමක බව ද වෛද්‍යවරිය පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාව තුළ එම කාලයේදී HIV ආසාදිතයින් 48% ක වර්ධනයක් පෙන්වීම කනස්සල්ලට කරුණක් බවයි ඇය පෙන්වා දෙන්නේ.

රජයේ රෝහල්වල පවත්වාගෙන යන ලිංගික සෞඛ්‍ය සායන මගින් හෝ knowforsure.lk වෙබ් අඩවියට පිවිසීමෙන්, HIV පරීක්ෂාව කර ගැනීමට පහසුකම් සලසා ගත හැකි බවයි ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකය පවසන්නේ.

TV

Published by

vishaka

Comments

Reader comments will be connected later.

TV SUPREME

Keep up with the latest stories

Discover more news, videos and live coverage from TV SUPREME.

View Latest News