TV SUPREME|Colombo ...🌤️
TV Supreme
LIVE
Back to Latest News
විදෙස් පුවත්News

නවසීලන්ත මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර බලය නැහැ

Speed
සිංහල හඬ
si-LK-SameeraNeural
November 27, 202610:35 AM0 viewsBy vishaka
නවසීලන්ත මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර බලය නැහැ

TV SUPREME | නවසීලන්ත මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර බලය නැහැ

Share this story

නොවැම්බර් හත් වැනිදා පැවති නවසීලන්ත පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ප්‍රතිඵල අද නිකුත් වී තිබෙනවා. එම ප්‍රතිඵලවලට අනුව නවසීලන්තයේ පාලක සන්ධානයට පාර්ලිමේන්තු බහුතර බලය අහිමි වී ඇති අතර, ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂයට ද රජයක් පිහිටුවීමට ප්‍රමාණවත් මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් හිමි වී නැහැ.

ප්‍රකාෂිත නිල ප්‍රතිඵල අනුව අගමැති ක්‍රිස්ටෝපර් ලක්සන්ගේ නායකත්වයෙන් යුත් ජාතික පක්ෂය ආසන 130 න් 40 ක් දිනාගෙන ඇති අතර, එහි සන්ධාන හවුල්කරුවන් වන ACT සහ නවසීලන්ත පළමු පක්ෂය පිළිවෙලින් ආසන 13 සහ 12 ක් ලබාගෙන තිඛෙනවා.

ඒ අනුව සභාග හවුල්කරුවන්ගේ සහය ලැබුණු පසුවත් ඔවූන්ට බහුතරයට වඩා එක් ආසනයක් පසුපසින් සිටීමටයි සිදුව ඇත්තේ. ඒ් සමගම ප්‍රකාෂිත මැතිවරණ ප්‍රතිඵල අනුව, ලේබර් පක්ෂයට ආසන 36ක් ද, හරිත පක්ෂයට ආසන 17ක් ද හිමිව ඇති අතර, මාඕරි ජනතාවගේ අයිතිවාසිකම් නියෝජනය කරන 'ටේ පාටි මාඕරි' පක්ෂය ද ආසන 5ක් දිනාගෙන තිබෙනවා.

එසේම මෙවර මැතිවරණයේ තීරණාත්මක සාධකය (kingmaker) ලෙස හැඳින්වෙන 'ඔපර්චුනිටි’ පක්ෂය ආසන 7ක් දිනාගෙන ඇති අතර, ඔවුන්ගේ සහය කවර ප්‍රධාන පක්ෂයකට හිමිවේද යන්න අනුව නවසීලන්තයේ මී ළඟ රජය පිහිටුවීම තීරණය වෙන බවයි පැවසෙන්නේ.

රජයක් පිහිටුවීම පිළිබඳ සාකච්ඡා "අභියෝගාත්මක විය හැකි" බවත්, එයට යම් කාලයක් ගතවනු ඇති බවත් මේ සම්බනධයෙන් අදහස් දක්වමින් අගමැති ලක්සන් සඳහන් කර තිබෙනවා.

"බිඳ වැටෙන ගිවිසුමකට ඉක්මන් වීම හෝ නැවත ඡන්ද විමසීමට යෑම යන විකල්ප දෙකම පිළිබඳව කිවිවරු අපට ස්තූති නොකරනු ඇති” බවයි අගමැතිවරයා සඳහන් කර තිබුණේ.

TV

Published by

vishaka

Comments

Reader comments will be connected later.

TV SUPREME

Keep up with the latest stories

Discover more news, videos and live coverage from TV SUPREME.

View Latest News