උස් හඬින් කෑගැසුවාට යටත් නොවන බව ජනාධිපති, වෘත්තීය සමිතිවලට කියයි

TV SUPREME | උස් හඬින් කෑගැසුවාට යටත් නොවන බව ජනාධිපති, වෘත්තීය සමිතිවලට කියයි
මේ ආණ්ඩුවෙන් කිසිවක් කෑ ගසා ලබා ගත නොහැකි බව, ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
විරෝධතා, උද්ඝෝෂණ පැවැත්වීමට පෙරම ප්‍රශ්න හඳුනාගෙන ඒ්වාට විසඳුම් ලබාදුන් තම රජය උස් හඬින් කරන කෑ ගැසීම්වලට යටත් නොවන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.
රජයේ සේවකයින් රැක බලාගැනීම වගකීමක් කොට සිතන තම රජය කල් තබාම රජයේ සේවකයින්ගේ මූලික වැටුප විශාල ලෙස වැඩි කිරීම හේතුවෙන් ඇතැම් පිරිස් තම රජය ගැන වැරදි වැටහීමක් ඇතිකරගෙන ඇති බව පැවසූ ජනාධිපතිවරයා, එසේ කල්තබා වැටුප් වැඩි කිරීම හේතුවෙන් ඇතැමුන්ට කෑ ගැසීමට අවස්ථාවක් නොලැබ, අතෘප්තියට පත්ව ඇති බව ද සඳහන් කළා.
අය වැය සහ වැඩ කරන ජනතාව යන තේමාවෙන් අද පස්වරුවේ කොළඹ පැවති වෘත්තීය සමිති නියෝජිත හමුවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
Published by
vishaka
Comments
Reader comments will be connected later.




