TV SUPREME|Colombo ...🌤️
TV Supreme
LIVE
Back to Latest News
ක්‍රීඩාNews

ශ්‍රී ලංකාව ආසියානු නැගීඑන තරු ක්‍රිකට් අවසන් සටනට…..

Speed
සිංහල හඬ
si-LK-SameeraNeural
November 27, 202611:43 AM0 viewsBy info
ශ්‍රී ලංකාව ආසියානු නැගීඑන තරු ක්‍රිකට් අවසන් සටනට…..

TV SUPREME | ශ්‍රී ලංකාව ආසියානු නැගීඑන තරු ක්‍රිකට් අවසන් සටනට…..

Share this story

ඉන්දීය A කණ්ඩායමට එරෙහිව ,ලකුණු 318ක දැවැන්ත ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා A පිතිකරුවන්, පිටිය සිසාරා දියත් කළ ප්‍රවේගකාරී ප්‍රහාරයෙන් ආසියානු කුසලාන Rising Stars අවසන් මහා තරගයේ දොරටු ඊයේ (26) විවර කර ගත්තා.

කටාර් රාජ්‍යයේ දෝහාහි පැවති පළමු අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය A කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ඔවුන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 317ක්. අභිෂේක් ෂර්මා ලකුණු 78ක්, තිලක් වර්මා ලකුණු 53ක් සහ ෂහබාස් අහමඩ් නොදැවී ලකුණු 54ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජනිත් ලියනගේ, නිපුන් ධනංජය සහ රවිඳු ප්‍රනාන්දු කඩුලු දෙක බැගින් දවා ගත්තා.

ලකුණු 318ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා A කණ්ඩායමට විශිෂ්ට ආරම්භයක් ලබා දුන්නේ ලසිත් කෲස්පුල්ලේ සහ සිනෙත් ජයවර්ධනයි.

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 174ක සම්බන්ධතාවක් ගොඩනැගුවේ පන්දු 129ක් පමණක් වැය කරමින්.

සිනෙත් ජයවර්ධන පන්දු 70කදී ලකුණු 105ක් රැස් කළ අතර, ලසිත් කෲස්පුල්ලේ පන්දු 107කදී ලකුණු 116ක් ලබා ගත්තා.

අනතුරුව නොදැවී ක්‍රීඩා කළ නිශාන් මධුෂ්ක ලකුණු 58ක් සහ නායක පවන් රත්නායක ලකුණු 31ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කළා.

ඒ අනුව ශ්‍රී ලංකා A කණ්ඩායම පන්දුවාර 41යි පන්දු 3කදී කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 318ක් රැස් කරමින් කඩුලු අටක ජයක් වාර්තා කළා.

මෙම තරගයේ කැපී පෙනෙන විශේෂත්වය වූයේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ශතක රැස් කිරීමයි.

එසේම ඔවුන් ගොඩනැගූ ලකුණු 174ක ආරම්භක සම්බන්ධතාව තරගයේ ජයග්‍රහණයට ප්‍රබල පදනමක් වුණා.

සිනෙත් ජයවර්ධනගේ ඉනිමට හතරේ පහර 10ක් සහ හයේ පහර 6ක් ඇතුළත් වූ අතර, ලසිත් කෲස්පුල්ලේගේ ඉනිමට හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් ඇතුළත් වුණා.

තරගයේ වීරයා සම්මානය සිනෙත් ජයවර්ධන දිනා ගත්තා.

ඒ අනුව නොවැම්බර් 29 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා A කණ්ඩායම බංග්ලාදේශ A සහ පාකිස්තාන A කණ්ඩායම් අතර දෙවැනි අවසන් පූර්ව තරගයේ ජයග්‍රාහකයන් සමඟ තරග වැදීමට නියමිතයි.

TV

Published by

info

Comments

Reader comments will be connected later.

TV SUPREME

Keep up with the latest stories

Discover more news, videos and live coverage from TV SUPREME.

View Latest News