TV SUPREME|Colombo ...🌤️
TV Supreme
LIVE
Back to Latest News
දේශීය පුවත්News

මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන යාත්‍රාවක් නාවික හමුදා භාරයට - 7ක් අත්අඩංගුවට...

Speed
සිංහල හඬ
si-LK-SameeraNeural
November 27, 202610:51 AM0 viewsBy Malsri
මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන යාත්‍රාවක් නාවික හමුදා භාරයට - 7ක් අත්අඩංගුවට...

TV SUPREME | මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන යාත්‍රාවක් නාවික හමුදා භාරයට - 7ක් අත්අඩංගුවට...

Share this story

ශ්‍රී ලංකා නාවික හමුදාව, දෙවුන්දරට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී, හෙරොයින් සහ අයිස් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ යාත්‍රාවක් සමඟ ජාවාරම්කරුවන් හත් දෙනෙකු (07) අත්අඩංගුවට ගනු ලබුවා.

නාවික හමුදාව දේශීය හා විදේශීය බුද්ධි අංශ සහ සමුද්‍රිය හවුල්කරුවන් සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික කලාපයෙන් ඔබ්බට මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් දියත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි, මෙම මෙහෙයුම සාර්ථකව සිදු කරන ලද්දේ.

ඒ අනුව, නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් සහ යාත්‍රාව, ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට නියමිතයි.

TV

Published by

Malsri

Comments

Reader comments will be connected later.

TV SUPREME

Keep up with the latest stories

Discover more news, videos and live coverage from TV SUPREME.

View Latest News