TV SUPREME|Colombo ...🌤️
TV Supreme
LIVE
Back to Latest News
UPDATED
දේශීය පුවත්News

ලලිත්, කුගන් අතුරුදන් කිරීම ගැන වගඋත්තර දෙන්න ගෝඨා අදත් උසාවි එයි, ගෝඨා උසාවි එද්දී, පෙරටුගාමීන් උසාවිය ඉදිරිපිට නිහඬ විරෝධයක

Speed
සිංහල හඬ
si-LK-SameeraNeural
November 27, 20265:37 PM0 viewsBy vishaka
ලලිත්, කුගන් අතුරුදන් කිරීම ගැන වගඋත්තර දෙන්න ගෝඨා අදත් උසාවි එයි, ගෝඨා උසාවි එද්දී, පෙරටුගාමීන් උසාවිය ඉදිරිපිට නිහඬ විරෝධයක

TV SUPREME | ලලිත්, කුගන් අතුරුදන් කිරීම ගැන වගඋත්තර දෙන්න ගෝඨා අදත් උසාවි එයි, ගෝඨා උසාවි එද්දී, පෙරටුගාමීන් උසාවිය ඉදිරිපිට නිහඬ විරෝධයක

Share this story

ලලිත් කුමාර වීරරාජු සහ කුගන් මුරුගානන්දන් යන දේශපාලන ක්‍රියකාරීන් දෙදෙනා අතුරුදන් කිරීමට අදාළ නඩුවට සක්ෂි දීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අදත්, (නොවැම්බර් 27) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියා.

සිද්ධියට අදාළ නඩුව අද යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවද්දී, එවක ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ හිටපු ජනාධිපතිවරයාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සිට සාක්ෂි ලබා දීමටයි අධිකරණයෙන් නියෝග ලැබී තිබුණේ.

පසුගිය සැප්තැම්බර් 29 වැනි දා හිටපු ජනාධිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සිට මුල්වරට මෙම නඩුවට අදාළව සක්ෂි ලබාදුන් අතර, එහිදී වැඩිදුර සාක්ෂි විභාගය අද (නොවැම්බර් 27) දක්වා කල් තැබුණා.

අද දින සාක්ෂි විභාගයෙන් පසු නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය 2027 පෙබරවාරි මස 12 වැනිදා තෙක් කල් තැබීමටයි යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ

මේ අතර නඩුවේ සාක්ෂි විභාගය සිදුවෙද්දී ලිලිත් කුමාර් වීරරාජු සහ කුගන් මුරුගානන්දන්ගේ දේශපාලන සගයින් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් විසින් සංවිධානය කළ නිහඬ උද්ඝෝෂණයක් අදත් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී පැවැත්වුණා.

එම අවස්ථාවට එක්වෙමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ, මෙම සටන අතීතයට යුක්තිය ඉල්ලා සිටීමක් පමණක් නොව, අනාගතයේ කිසිවෙකුටත් මෙවැනි ඉරණමක් අත්වීම වැළැක්වීමට ද ගෙන යන සටනක් බවයි.

එහිදී පුබුදු ජයගොඩ ඉදිරිපත් කළ සම්පූර්ණ අදහස් දැක්වීම පහතින් “2010 දෙසැම්බර් 9 රාත්‍රී යාපනය අධි ආරක්ෂිත ප්‍රදේශයකදී ලලිත් කුමාර් වීරරාජු සහ කුගන් මුරුගානන්දන් සහෝදරවරු දෙදෙනා පැහැරගෙන අතුරුදන් කරනු ලැබුවා. මේ වනවිට වසර 16ක් ගෙවී ගියා ඔවුන් ගැන ආරංචියක් නෑ.

ඔවුන් දෙදෙනා පැහරගෙන දින කිහිපයක් තුළ එවකට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල පැවසුවේ ඔවුන් දෙදෙනා පැහරගෙන නැති අතර, අත්අඩංගුවට ගත් බව. ඒ කියන්නේ මේ පැහැරගැනීම් කෙරෙන්නේ රජයේ අවබෝධයෙන්.

පසුව අපි මේ පිළිබඳ පැවරූ නඩුවේ සාක්ෂි දෙමින් හිටපු කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා, තමන් එය පැවසුවේ එවකට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ලබාදුන් තොරතුරු ආශ්‍රිතව බව පැවසුවා.

අපි වසර ගණනාවක් උත්සාහ කර අවසානයේ ගෝඨාභය රාජපක්ෂ අධිකරණය ඉදිරියට ගෙනාවා. පසුගිය නඩු වාරයේ අහපු හැම ප්‍රශ්නයකටම ගෝඨා කිව්වේ මට ඇහෙන්නේ නෑ, මට මතක නෑ කියලා විතරයි. එයාට එහෙම මගහරින්න බෑ.

2015 නොවැම්බර් 8 සත්හඬ පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවේදී ඔහු පැහැදිලිව කියනවා කුමාර් ගුණරත්නම් සහෝදරයා පැහැරගැනීම ඔහුගේ අවබෝධයෙන් වුණේ කියලා. එහෙමනම් ඔහු ලලිත් සහ කුගන් පැහැරගැනීම විතරක් නොදැන ඉන්න හේතුවක් නෑ.

අපි යුක්තිය සඳහා ගෙනයන මේ සටන නවත්වන්නේ නෑ. අපට අවශ්‍ය පළිගැනීමක් නෙවෙයි. වරදක් කළ අයට කවදා හෝ දඬුවම් ලැබෙන බව තහවුරු කළොත් විතරයි, අනාගතයේ මේවා සිදුවීම නවත්වන්න පුළුවන්. අපේ මේ සටන ලලිත් සහ කුගන් වෙනුවෙන් විතරක් නෙවෙයි දසදහස් ගණන් අතුරුදන් වූ මිනිසුන් වෙනුවෙන්. අපේ මේ සටන අතීතයට යුක්තිය ඉල්ලා සිටීමක් විතරක් නෙවෙයි, අනාගතයේ කිසිවෙකුට මෙවැනි ඉරණමක් අත්වීම වලක්වන්න ගෙන යන සටනක්”

Story Gallery (7 photos)

ලලිත්, කුගන් අතුරුදන් කිරීම ගැන වගඋත්තර දෙන්න ගෝඨා අදත් උසාවි එයි, ගෝඨා උසාවි එද්දී, පෙරටුගාමීන් උසාවිය ඉදිරිපිට නිහඬ විරෝධයක
ලලිත්, කුගන් අතුරුදන් කිරීම ගැන වගඋත්තර දෙන්න ගෝඨා අදත් උසාවි එයි, ගෝඨා උසාවි එද්දී, පෙරටුගාමීන් උසාවිය ඉදිරිපිට නිහඬ විරෝධයක
ලලිත්, කුගන් අතුරුදන් කිරීම ගැන වගඋත්තර දෙන්න ගෝඨා අදත් උසාවි එයි, ගෝඨා උසාවි එද්දී, පෙරටුගාමීන් උසාවිය ඉදිරිපිට නිහඬ විරෝධයක
ලලිත්, කුගන් අතුරුදන් කිරීම ගැන වගඋත්තර දෙන්න ගෝඨා අදත් උසාවි එයි, ගෝඨා උසාවි එද්දී, පෙරටුගාමීන් උසාවිය ඉදිරිපිට නිහඬ විරෝධයක
ලලිත්, කුගන් අතුරුදන් කිරීම ගැන වගඋත්තර දෙන්න ගෝඨා අදත් උසාවි එයි, ගෝඨා උසාවි එද්දී, පෙරටුගාමීන් උසාවිය ඉදිරිපිට නිහඬ විරෝධයක
ලලිත්, කුගන් අතුරුදන් කිරීම ගැන වගඋත්තර දෙන්න ගෝඨා අදත් උසාවි එයි, ගෝඨා උසාවි එද්දී, පෙරටුගාමීන් උසාවිය ඉදිරිපිට නිහඬ විරෝධයක
ලලිත්, කුගන් අතුරුදන් කිරීම ගැන වගඋත්තර දෙන්න ගෝඨා අදත් උසාවි එයි, ගෝඨා උසාවි එද්දී, පෙරටුගාමීන් උසාවිය ඉදිරිපිට නිහඬ විරෝධයක
TV

Published by

vishaka

Comments

Reader comments will be connected later.

TV SUPREME

Keep up with the latest stories

Discover more news, videos and live coverage from TV SUPREME.

View Latest News