පුවර්ටෝ රිකෝ රාජ්‍යයේ ජෙනිෆර් බැරෙටෝ 75 වැනි විශ්ව රූ රැජින කිරුළ දිනයි

TV SUPREME | පුවර්ටෝ රිකෝ රාජ්‍යයේ ජෙනිෆර් බැරෙටෝ 75 වැනි විශ්ව රූ රැජින කිරුළ දිනයි
ඊයේ අවසන් වූ 75 වන විශ්ව රූ රැජින තරගයේදී, පුවර්ටෝ රිකෝ රාජ්‍ය නියෝජනය කළ ජෙනිෆර් බැරෙටෝ විශ්ව රූ රැජින කිරුළ හිමිකර ගත්තා.
75 වන විශ්ව රූ රැජින තරගය ඊයේ පුවර්ටෝ රිකෝ හි සැන් ජුවාන් නුවරදී අවසන් වූ අතර, මෙක්සිකෝවේ පාලක විශ්ව රූ රැජින ෆාතිමා බොෂ්, ජෙනිෆර් බැරෙටෝ වෙත රූ රැජින කිරුළ පළඳවනු ලැබුවා.
2026 විශ්ව රූ රැජින තරඟයේදී ජෙනිෆර් බැරෙටෝ කිරුළ දිනාගැනීමත් සමග පුවර්ටෝ රිකෝ රාජ්‍ය විශ්ව රූ රැජින කිරුළ හය වතාවක් දිනූ රට ලෙස වාර්තා අතරට පැමිණි අතර, පුවර්ටෝ රිකෝවේදීම මෙම කිරුළ දිනාගත් දෙවන අවස්ථාව ලෙස ද මෙම ජයග්‍රහණය සටහන් වෙනවා. ඊයේ පැවති තරගයේදී අවසන් තරඟකරුවන් 5 දෙනා අතරට පිලිපීනය, නවසීලන්තය, වෙනිසියුලාව, ඩොමිනිකන් ජනරජය සහ පුවර්ටෝ රිකෝ ඇතුළත් වූ අතර, ඩොමිනිකන් ජනරජයේ මෙලිසා නූනෙස් පළමු අනුශූරිය ලෙසත්, වෙනිසියුලාවේ ක්ලාරා වේගාස් දෙවන අනුශූරිය ලෙසත් නම් කෙරුණා.
Published by
vishaka
Comments
Reader comments will be connected later.




