TV SUPREME|Colombo ...🌤️
TV Supreme
LIVE
Back to Latest News
UPDATED
විදෙස් පුවත්News

අබ්දුල් එල්-සයීඩ් සැලසුම් කළ මහජන සෞඛ්‍ය කාඩ්පතට ජනාධිපති ට්‍රම්ප්ගේ හිත යයි

Speed
සිංහල හඬ
si-LK-SameeraNeural
November 22, 20266:40 PM0 viewsBy vishaka
අබ්දුල් එල්-සයීඩ් සැලසුම් කළ මහජන සෞඛ්‍ය කාඩ්පතට ජනාධිපති ට්‍රම්ප්ගේ හිත යයි

TV SUPREME | අබ්දුල් එල්-සයීඩ් සැලසුම් කළ මහජන සෞඛ්‍ය කාඩ්පතට ජනාධිපති ට්‍රම්ප්ගේ හිත යයි

Share this story

එක්සත් ජනපද මධ්‍ය වාර මැතිවරණයෙන් මිචිගන් සෙනෙට් සභිකයෙකු ලෙස තේරී පත් වූ අබ්දුල් එල්-සයීඩ් විසින් යෝජනා කර, ට්‍රම්ප්කෙයාර් ලස නම්කරන ලද මහජන සෞඛ්‍ය කාඩ්පතේ ඡායාරූපයක් ජනාධිපති ට්‍රම්ප් විසින් සිය සමාජ මාධ්‍ය ගිණුමේ නැවත පළ කර තිබෙනවා. විශ්වීය සෞඛ්‍ය සේවාව පිළිබඳ සටන් පාඨය මහජන සෞඛ්‍ය විශේෂඥයකු වූ ඩිමොක්‍රටික් සභික එල්-සයීඩ්ගේ දේශපාලනයේ මූලික මූලධර්මයක් ව තිබූ අතර, මිචිගන් සෙනෙට් සභිකයකු තේරී පත්වූ තැන් සිට එල්-සයිඩ් ජනාධිපති ට්‍රම්ප්ට යෝජනා කළේ, ඔහුට "ඇමරිකාවේ වඩාත්ම ජනප්‍රිය ජනාධිපතිවරයා වීමට අවශ්‍ය නම්" ඔහු සැමට සෞඛ්‍ය සේවාව සහතික කරන මෙම කාඩ්පත ට්‍රම්ප්කෙයාර් ලෙස නම්කර ක්‍රියාත්මක කළ යුතු බවයි.

එල්-සයිඩ් සැලසුම් කළ සෞඛ්‍ය කාඩ්පත රන් පැහැයෙන් වර්ණ ගන්වා ඉදිරිපස විශාල අකුරු වලින් "ට්‍රම්ප්කෙයර්" ලෙසත් කාඩ්පතේ පිටුපස "මෙම කාඩ්පත එක්සත් ජනපදයේ ඕනෑම වෛද්‍යවරයෙකු, රෝහල් සායනයක් හෝ ෆාමසියකට පෙන්වන්න" යනුවෙනුත් සටහන් කර තිබුණා.

එල්-සයිඩ්ගේ මහජන සෞඛ්‍ය කාඩ්පතේ මෙම සැලසුම ධනවත් විදේශිකයන්ට අලෙවි කිරීමට ට්‍රම්ප් සැලසුම් කළ ඇමරිකානු වීසා බලපත්‍රයේ ආකෘතියට සමාන බවයි එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කරන්නේ.

රන් පැහැති ට්‍රම්ප්කෙයාර් කාඩ්පතක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරමින් එල්-සයිඩ් මීට පෙර සටහන් කර තිබුණේ, "ඩොනල්ඩ්, දැන් මෙය ඔබගේ මේසය මත තිබෙනවා. තොටිල්ලේ සිට මිනීවළ දක්වා සෑම ඇමරිකානුවෙකුටම සෞඛ්‍ය සේවාව සහතික කරන්න" යනුවෙන්.

එල්-සයිඩ්ගේ මෙම සමාජ මාධ්‍ය සටහනට ප්‍රතිචාරයක් බඳුව ජනාධිපති ට්‍රම්ප් එම කාඩ්පතේ ඡායාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමේ නැවත පළ කරන්නේ, ඒ් සම්බන්ධයෙන් ඔහු තුළ ඇති කැමැත්ත හෝ උනන්දුව පෙන්වමින්.

මේ අතර සිකුරාදා පැවති මාධ්‍ය හමුවකදී ට්‍රම්ප් සඳහන් ළේ “විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් සඳහා තමා විවෘත බවත්, ඩිමොක්‍රටික් පක්ෂය විසින් පාලනය කරනු ලබන කොංග්‍රසයක් සමඟ “බොහෝ විශිෂ්ට දේවල්” සිදු කිරීමේ හැකියාව තමා දැන් දකින බවත්ය.

TV

Published by

vishaka

Comments

Reader comments will be connected later.

TV SUPREME

Keep up with the latest stories

Discover more news, videos and live coverage from TV SUPREME.

View Latest News