මත්තේගොඩ පිටකොටුව 138 බස් වර්ජනය දෙවැනි දිනටත් ක්‍රියාත්මකයි...

TV SUPREME | මත්තේගොඩ පිටකොටුව 138 බස් වර්ජනය දෙවැනි දිනටත් ක්‍රියාත්මකයි...
බස් රථ සේවකයින්ට බාධාවන පරිද්දෙන් හෝමාගම ප්‍රාදේශීය සභාව මගින් මත්තේගොඩ බස් නැවතුම්පොළ භූමියේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට විරෝධය පළ කරමින් බස් සේවකයින් බස් ධාවනයෙන් ඉවත්ව ඊයේ ආරම්භ කළ වැඩ වර්ජනය අද (26) දෙවැනි දිනටත් ක්‍රියාත්මකයි.
මෙම වර්ජනය හේතුවෙන් පාසල් සිසුන්ට උදෑසන කාලයේ මත්තේගොඩ සිට කොට්ටාව දක්වා බස් රථ දෙකක් නොමිලේ ධාවනය කර ඇති අතර බස් සේවකයන්ගේ යතුරු පැදි වලින්ද කොට්ටාව දක්වා පාසල් ළමුන් ප්‍රවාහනයක් කර තිබෙන බවට තොරතුරු වාර්තා වුණා.
මෙම ඉදිකිරීම නතර නොකරන්නේ නම් වැඩවර්ජනය දිගටම ක්‍රියාත්මක කරන බවයි එම බස් සංගම් පවසන්නේ.
Published by
Malsri
Comments
Reader comments will be connected later.




