TV SUPREME|Colombo ...🌤️
TV Supreme
LIVE
Back to Latest News
දේශීය පුවත්News

ශෂී වීරවංශට පැනවූ වසර දෙකක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි

Speed
සිංහල හඬ
si-LK-SameeraNeural
November 18, 20262:35 PM0 viewsBy vishaka
ශෂී වීරවංශට පැනවූ වසර දෙකක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි

TV SUPREME | ශෂී වීරවංශට පැනවූ වසර දෙකක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි

Share this story

අයථා ලෙස ලබාගත් රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීමේ වරදට හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශට එරෙහිව පනවා තිබූ වසර දෙකක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (18) තහවුරු කරනු ලැබුවා.

ඒ් ඇය විසින් ගොනු කර තිබූ අභියාචනා පෙත්සම ප්‍රතික්ෂේප කරමින්.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේනගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ශෂී වීරවංශගේ සිර දඬුවමට එරෙහිව ගොනු කර තිබූ අභියාචනා පෙත්සම අද ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

අභියාචනය ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව, ශෂී වීරවංශ රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ අතර, ඇයට පනවා ඇති වසර දෙකක සිර දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ඇය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ද නියම කළා.

අයථා ලෙස ලබාගත් රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීමේ වරදට, 2022 මැයි 27 වන දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ශෂී වීරවංශට වසර දෙකක සිර දඬුවමක් සහ රුපියල් 100,000ක දඩ මුදලක් නියම කර තිබුණා.

ඇය එම තීන්දුවට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කළ නමුත්, 2026 ජුනි 11 වන දින එම අධිකරණය විසින් ඇයගේ අභියාචනය ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

අනතුරුවයි ඇය එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කරනු ලැබුවේ.

TV

Published by

vishaka

Comments

Reader comments will be connected later.

TV SUPREME

Keep up with the latest stories

Discover more news, videos and live coverage from TV SUPREME.

View Latest News