TV SUPREME|Colombo ...🌤️
TV Supreme
LIVE
Back to Latest News
දේශීය පුවත්News

ඉන්දියන් සාගරයේ ප්‍රබල භූකම්පනයක් - ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැහැ...

Speed
සිංහල හඬ
si-LK-SameeraNeural
November 21, 20265:11 PM0 viewsBy Malsri
ඉන්දියන් සාගරයේ ප්‍රබල භූකම්පනයක් - ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැහැ...

TV SUPREME | ඉන්දියන් සාගරයේ ප්‍රබල භූකම්පනයක් - ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැහැ...

Share this story

ඉන්දියන් සාගරයේ Banda Aceh ආසන්නයේ රික්ටර් මාපක 6.8ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් හටගෙන තිබෙනවා.

මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බවටයි ජාතික පූර්ව සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කළේ.

ඒ අනුව මුහුදු බඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්‍ෂා සහිත බව එම මධ්‍යස්ථානය තහවුරු කර තිබෙනවා.

තවද මෙම නිවේදනය ජාතික සහ අන්තර් ජාතික ආයතන සමඟ එකඟත්වයෙන් නිකුත් කරන ලද බවද ජාතික පූර්ව සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

අද (21) පස්වරු 03:12ට පමණ මෙම භූ කම්පනය හටගෙන ඇති අතර එය මුහුදු මට්ටමේ සිට කිලෝමීටර 156ක ගැඹුරින් වාර්තා වී තිබුණා.

TV

Published by

Malsri

Comments

Reader comments will be connected later.

TV SUPREME

Keep up with the latest stories

Discover more news, videos and live coverage from TV SUPREME.

View Latest News