මෙක්සිකෝවේ දැවැන්ත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වූ මෙසා ෆ්ලෝරස් අත්අඩංගුවට

TV SUPREME | මෙක්සිකෝවේ දැවැන්ත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වූ මෙසා ෆ්ලෝරස් අත්අඩංගුවට
මෙක්සිකානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර දැවැන්තයෙකු ලෙස සැලකෙන මෙසා ෆ්ලෝරස් මෙක්සිකානු බලධාරීන් සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසා ෆ්ලෝරස් FBI ආයතනයේ 'වඩාත්ම අවශ්‍ය පුද්ගලයින් 10 දෙනාගේ' ලැයිස්තුවේ ද සිටි අයෙක්.
සිකුරාදා දිනයේ මෙක්සිකෝවේ සිනලෝවා ප්‍රාන්තයේ ගුවාසාවේ නගරයේදී, මෙක්සිකානු විශේෂ බලකාය විසින් සිදු කළ මෙහෙයුමක් මගින්, මෙසා ෆ්ලෝරස් සමග එරට මත්ච්‍රව්‍ය වෙළෙඳාමේ මෙහෙයුම්කරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙහෙයුම අතරතුර සැකකරුවන් හත් දෙනෙකු මිය ගිය බවත්, ගුවාසාවේ ආරක්ෂාව තර කිරීම සඳහා යොදවා සිටි මෙක්සිකානු හමුදා සාමාජිකයින් සිව් දෙනෙකු ද මිය ගිය බවත්, මෙක්සිකානු බලධාරීන් පවසනවා.
මෙසා ෆ්ලෝරස්, මෙක්සිකෝවේ සිට එක්සත් ජනපදය හරහා ඇමරිකානු මහාද්වීපය වෙත මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයන් මෙහෙයවන ලද ප්‍රධානතම ජාවාරම්කරුවකු ලෙස සැලකෙන අතර, සංවිධානාත්මක අපරාධ චෝදනා සම්බන්ධයෙන් ද ඔහුට එරෙහිව චෝදනා ඒල්ල වී තිබුණා.
ෆෙන්ටැනයිල්, කොකේන්, හෙරොයින් සහ වෙනත් මාරාන්තික මත්ද්‍රව්‍යවලින් එක්සත් ජනපදය පිරවීමට ඔහු කටයුතු කළ බවටයි FBI ආයතනය ඔහුට චෝදනා එල්ල කර තිබුණේ.
ඒ් අනුව මෙසා ෆ්ලෝරස් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම වෙනුවෙන් එක්සත් ජනපදය බුද්ධි තොරතුරු සපයන ලද බවයි පැවසෙන්නේ.
ඒ සමගම මෙසා-ෆ්ලෝරස් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ අනුගාමිකයින් රථ වාහන ගිනි තබමින්, ගුවාසාවේ නගරය පුරා ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන ලද බව ද වාර්තා වෙනවා.
Story Gallery (3 photos)



Published by
vishaka
Comments
Reader comments will be connected later.




