TV SUPREME|Colombo ...🌤️
TV Supreme
LIVE
Back to Latest News
විදෙස් පුවත්News

ඉල්ලා අස්වීමට බල කෙරුණු ජෙන්සන් හුවාං, යළි Nvidia ප්‍රධාන විධායක නිලධාරී තනතුරට

Speed
සිංහල හඬ
si-LK-SameeraNeural
November 24, 202610:05 AM0 viewsBy vishaka
ඉල්ලා අස්වීමට බල කෙරුණු ජෙන්සන් හුවාං, යළි Nvidia  ප්‍රධාන විධායක නිලධාරී තනතුරට

TV SUPREME | ඉල්ලා අස්වීමට බල කෙරුණු ජෙන්සන් හුවාං, යළි Nvidia ප්‍රධාන විධායක නිලධාරී තනතුරට

Share this story

චීන ඔත්තුකාරියක බවට එක්සත් ජනපද බුද්ධි අංශ සැක කරන ඇලිස් හුවාං නම් කාන්තාව සමග පැවති සමීප සම්බන්ධයක් හේතුවෙන් තනතුරෙන් ඉල්ලා අස්වීමට බල කෙරුණු එක්සත් ජනපද තාක්ෂණීක දැවැන්තයකු වන Nvidia සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජෙන්සන් හුවාං නැවත සේවයේ පිහිටුවා තිබෙනවා.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හුවාං නැවත තනතුරේ පිහිටුවන ලෙස සමාගමට බලපෑම් කර තිබූ අතර, ජනාධිපතිවරයා ඒ් බව වීවෘතවම සඳහන් කර තිබුණා.

හුවාංගේ ඉල්ලා අස්වීමත් සමගම සමාගමේ අනාගත නායකත්වය සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණ වෙළෙඳපොළ තුළ සමාගමේ ඉදිරි ගමන පිළිබඳව ආයෝජකයන්ගේ විශ්වාසය බිඳවැටී තිබුූ අතර, ඒ් සමගම Nvidia හි කොටස් මිල තියුනු ලෙස පහත වැටී තිබුණා. හුවාං නැවත පත් කිරීමෙන් පසු ඊයේ දිනය තුළ සමාගමේ කොටස් මිල 31% කින් ඉහළ නගිමින් සමාගමේ වෙළෙඳපොළ වටිනාකමට ඩොලර් ට්‍රිලියන 1 ක් පමණ ඉහළ නංවන ලද බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

"Nvidia සමාගම මෙහෙයවීමට හුවාං සුදුසුම පුද්ගලයා බව සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විශ්වාස කරන අතර, ඔහු නැවත සේවයේ පිහිටුවන්නේ, අපගේ කොටස් හිමියන්ගේ, සේවකයින්ගේ, හවුල්කරුවන්ගේ සහ ගනුදෙනුකරුවන්ගේ යහපත සඳහා බවයි, "Nvidia අධ්‍යක්ෂ මණ්ඩල සභාපති හාවි සී ජෝන්ස් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ.

කෙසේ නමුත් ජාතික ආරක්ෂක අවදානම හේතුවෙන් හුවාං යළි සේවයට නොගන්නා බවයි සමාගම පසුගිය අඟහරුවාදා සඳහන් කර තිබුණේ.

කෙසේ නමුත් ජෙන්සන් හුවාං, ඇලිස් හුවාං සමග පැවති සම්බන්ධය එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාවට අනතුරක් බවට විශ්වාස කරන එක්සත් ජනපද කොංග්‍රසය, ඒ් පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා, දෙසැම්බර් මස මුලදී කොංග්‍රසය ඉදිරියේ පෙනී සිටින ලෙස ජෙන්සන් හුවාංට දැනුම් දීමට කටයුතු කරමින් සිටියා. එබැවින් ට්‍රම්ප් පරිපාලනය මූල්‍යමය වාසි සඳහා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාව විකුණා දැමූ බවටයි මේ සම්බන්ධයෙන් මැදිහත් වූ එක්සත් ජනපද ඩිමොක්‍රටික් පාක්ෂිකයන් චෝදනා කරන්නේ.

TV

Published by

vishaka

Comments

Reader comments will be connected later.

TV SUPREME

Keep up with the latest stories

Discover more news, videos and live coverage from TV SUPREME.

View Latest News