TV SUPREME|Colombo ...🌤️
TV Supreme
LIVE
Back to Latest News
විදෙස් පුවත්News

ඉන්දීය ගුවන් තොටුපොළ බලධාරීන්, සෞරව් දාස්ගේ ඔක්ස්ෆර්ඩ් දේශනය වළක්වයි

Speed
සිංහල හඬ
si-LK-SameeraNeural
November 24, 20265:30 PM0 viewsBy vishaka
ඉන්දීය ගුවන් තොටුපොළ බලධාරීන්, සෞරව් දාස්ගේ ඔක්ස්ෆර්ඩ් දේශනය වළක්වයි

TV SUPREME | ඉන්දීය ගුවන් තොටුපොළ බලධාරීන්, සෞරව් දාස්ගේ ඔක්ස්ෆර්ඩ් දේශනය වළක්වයි

Share this story

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය සංවිධානය කළ දේශන මාලාවක් සඳහා සහභාගී වීමට බ්‍රිතාන්‍යයට යෑමට පැමිණි ඉන්දියාවේ " කැරපොත්තන්ගේ ජනතා පක්ෂයේ” නායකයෙකුවන සෞරව්ට දාස්ගේ විදේශ ගමන් බලපත්‍රය සලකුණු කර ඔහු ආපසු හරවා යැවීමට ඉන්දියාවේ නවදිල්ලි ගුවන් තොටුපොළ බලධාරීන් ක්‍රියාකර ඇති බව කැරපොතු ජනතා පක්ෂය චෝදනා කරනවා.

සෞරව් දාස් පවසන්නේ අඟහරුවාදා දේශීය වේලාවෙන් පෙරවරු 01:00 ට තමන් බ්‍රිතාන්‍ය බලා පියාසර කරන ගුවන් යානයකට නැගීමට නියමිතව සිටි නමුත් ආගමන නිලධාරීන් තම විදේශ ගමන් බලපත්‍රය අවලංගුකර ඇති බව පවසා තමන් ආපසු හරවා එවූ බවයි.

සෞරව්ගේ විදේශ ගමන් බලපත්‍රය අවලංගු කළේ මන්දැයි දිල්ලි ගුවන් තොටුපොළ බලධාරීන් හෝ ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, මෙතෙක් පැහැදිලි පිළිතුරක් ලබා නෙදුන් බවයි බීබීසී පුවත් සේවය පවසන්නේ.

ඉන්දීය අගමැති මෝදිගේ දිගු කාලීන පාලනයට දැවැන්තම අභියෝගය එල්ල කළ දේශපාලන ව්‍යාපාරයක් ලෙස පිළිගැනෙන කැරපොත්තන්ගේ ජනතා පක්ෂය, රජයේ විභාගවල ප්‍රශ්නපත්‍ර කාන්දුව සම්බනධයෙන් සහ මැතිවරණ ලේඛන සංශෝධනයේදී කර ඇති මහා පරිමාණ වංචාව සම්බන්ධයෙන් ගෙන ගිය දැවැන්ත විරෝධතා ව්‍යාපාර හේතුවෙන් සමස්ත ලෝකයේම අවධානය දිනාගෙන තිබෙනවා. ඒ් අනුව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමය විසින් ඉන්දීය තරුණ ව්‍යාපාරය පිළිබඳව දේශනයක් පැවැත්වීම සඳහා සෞරව් දාස්ට සහ රත්නා සිංට බ්‍රිතාන්‍යයට පැමිණෙන ලෙස ආරාධනා කර තිබුණා. ඒ් සමගම ඔවුන් කේම්බ්‍රිජ් සහ එඩින්බරෝ විශ්වවිද්‍යාලවල තරුණයින් සඳහා ද දේශන පැවැත්වීමට ආරාධනා ලැබ තිබූ බව සඳහන්.

කෙසේ නමුත් කිසිදු නීත්‍යානුකූල හේතු දැක්වීමකින් තොරව මෙම තරුණ නායකයින්ගේ විදේශ ගමන් බලපත් අවලංගු කරමින් ඔවුන්ගේ බ්‍රිතාන්‍ය සංචාරය වැළැක්වීමට ඉන්දීය බලධාරීන් කටයුතු කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම මතභේදාත්මක කරුණ සම්බන්ධයෙන් සමාජ මධ්‍ය සටහනක් තබමින් කැරපොත්තන්ගේ ජනතා පක්ෂයේ නිර්මාතෘ අභිජීත් ඩිප්කේ පවසන්නේ “සෞරව් දාස් බැංකුවක් කොල්ලකෑවා නම් හෝ මූල්‍ය වංචාවක් කර ඇත්නම්", ඔහුට ලන්ඩනයට පියාසර කිරීමට ඉන්දීය බලධාරීන් අවසර දෙන බව, ඉන්දියාවෙන් පිටව ගිය බිලියනපතියන්ගෙන් පැහැදිලි වෙන බවයි.

මේ අතර ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ මේ ආකාරයෙන්ම 2025 සැප්තැම්බර් මාසයේදී, ඉන්දියාවේ ඊසානදිග අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ පරිසර හා වේලි විරෝධී ක්‍රියාකාරිකයෙකු වන භානු ටටාක්, ඩබ්ලින් බලා යන ගුවන් යානයකට ගොඩවීම වැළැක්වීමට ඉන්දීය බලධාරීන් කටයුතු කළ බවයි.

එසේම 2022 මාර්තු මාසයේදී, ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක් සහ අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජය පිළිබඳ සෘජු විවේචකයෙකු වූ රානා අයුබ් ලන්ඩනයට යන ගුවන් යානයකට ගොඩවීම වැළැක්වීමට ද ඉන්දීය ආණ්ඩුව මේ ආකාරයෙන්ම කටයුතු කළ බවයි.

TV

Published by

vishaka

Comments

Reader comments will be connected later.

TV SUPREME

Keep up with the latest stories

Discover more news, videos and live coverage from TV SUPREME.

View Latest News