නොවැම්බර් 30ට පෙර බදු වාර්තා ඉදිරිපත් නොකළොත්, රු. 50,000 සිට රු. 400,000 දක්වා දඩ

TV SUPREME | නොවැම්බර් 30ට පෙර බදු වාර්තා ඉදිරිපත් නොකළොත්, රු. 50,000 සිට රු. 400,000 දක්වා දඩ
නොවැම්බර් 30 වැනිදාට පෙර ආදායම් බදු වාර්තා ඉදිරිපත් නොකරන බදු ගෙවන්නන්ට, ප්‍රකාශ කිරීමට තරම් ආදායමක් නොමැති වුවද, රු. 50,000 සිට රු. 400,000 දක්වා දඩ මුදල් ගෙවීමට සිදුවිය හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නන්දන කුමාර පවසන්නේ, 2025/2026 තක්සේරු වර්ෂය තුළ කිසිදු ආදායමක් උපයා නොතිබුණද, නීත්‍යානුකූලව ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමට බැඳී සිටින පුද්ගලයින් එම වගකීම ඉටු කළ යුතු බවයි.
2025/2026 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමට ඇති අවසන් දිනය නොවැම්බර් 30 වැනිදා බව පවසන දේශීය ආදායම් බදු පොර්තමේන්තුව, මෙම කාලසීමාව තුළ වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වන අයට පවතින බදු නීති යටතේ දඩ මුදල් ගෙවීමට සිදුවිය හැකි බව ද අවධාරණය කරනවා.
ඒ් අනුව ඉදිරි දින දෙක තුන තුළ 2025/2026 තක්සේරු වර්ෂයට අදාළ බදු වාර්තා ඉදිරිපත් කිරීමට බදු ගෙවන්නන් අපොහොසත් වුවහොත් අවම වශයෙන් රු. 50,000 ක දඩයක් නියම විය හැකි අතර, එම දඩ මුදල රු. 400,000 දක්වා ඉහළ යා හැකි බවට ද ඔහු අනතුරු අඟවනවා.
Published by
vishaka
Comments
Reader comments will be connected later.




