TV SUPREME|Colombo ...🌤️
TV Supreme
LIVE
Back to Latest News
දේශීය පුවත්News

ඥානසාර හිමිගේ සිව්වසරක සිරදඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි...

Speed
සිංහල හඬ
si-LK-SameeraNeural
November 18, 20262:21 PM0 viewsBy Malsri
ඥානසාර හිමිගේ සිව්වසරක සිරදඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි...

TV SUPREME | ඥානසාර හිමිගේ සිව්වසරක සිරදඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි...

Share this story

ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් නියම කරනු ලැබූ බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම අභියාචනාධිකරණය විසින් තහවුරු කළා.

අදාළ දඬුවමින් තමන් වහන්සේ නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනයක් ඉවත දමමිනුයි විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කරනු ලැබූ වේ.

2016 මාර්තු 30 වන දින කොළඹ කිරුළපන ප්‍රදේශයේ පැවැති කූරගල විහාරස්ථානය පිළිබඳව පැවැත්වූ මාධ්‍ය හමුවකදී පලකරනු ලැබූ අදහස්වලින් ඉස්ලාම් ආගමට අපහාස කිරීම සහ ජාතීන් හා ආගම් අතර සංහිඳියාවට බාධා වන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 291 වන වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබුණා.

එම චෝදනාවලට වැරදිකරු කෙරුනු ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් 2024 වසරේදී බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කළා.

එම දඬුවමට එරෙහිව ඥානසාර හිමියන් විසින් මෙම අභියාචනය ඉදිරිපත් කර තිබුණා.

TV

Published by

Malsri

Comments

Reader comments will be connected later.

TV SUPREME

Keep up with the latest stories

Discover more news, videos and live coverage from TV SUPREME.

View Latest News