ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව මන්ත්‍රී නාමල් රාජපක්ෂට ලබාදුන් ඇප අත්හිටුවයි

TV SUPREME | ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව මන්ත්‍රී නාමල් රාජපක්ෂට ලබාදුන් ඇප අත්හිටුවයි
ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් ඇප නියෝගය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් කොළඹ මහාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත් කළා
මන්ත්‍රීවරයාට ඇප ලබා දීමේ තීරණයට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කරන ලද ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට ගනිමින් මෙම නියෝගය නිකුත් කෙරුණා.
ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට පසුගිය නොවැම්බර් 3 වැනිදා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබුණා.
එම ඇප නියෝගය අවලංගු කර, මන්ත්‍රීවරයා නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඒ් අනුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දී තිබූ එම ඇප තීරණය ක්‍රියාත්මක වීම මහාධිකරණයෙන් අද නිකුත් කළ මෙම නව නියෝගයෙන් අත්හිටුවනු ලැබෙනවා.
Published by
vishaka
Comments
Reader comments will be connected later.




