TV SUPREME|Colombo ...🌤️
TV Supreme
LIVE
Back to Latest News
ක්‍රීඩාNews

රුමේෂ් තරංගට ස්වීඩනයේ නිෂ්පාදිත නව හෙල්ල කට්ටලයක්...

Speed
සිංහල හඬ
si-LK-SameeraNeural
November 17, 20267:37 AM0 viewsBy Kalana
රුමේෂ් තරංගට ස්වීඩනයේ නිෂ්පාදිත නව හෙල්ල කට්ටලයක්...

TV SUPREME | රුමේෂ් තරංගට ස්වීඩනයේ නිෂ්පාදිත නව හෙල්ල කට්ටලයක්...

Share this story

ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංගගේ හානි වූ හෙල්ල කට්ටලය වෙනුවෙන් නිර්මාණය කළ නව හෙල්ල කට්ටලය ක්‍රීඩා අමාත්‍යංශය මගින් ඊයේ (16) ඔහුට භාර දී තිබෙනවා.

ජාත්‍යන්තර තරගයකට සහභාගී වී, නැවත දිවයිනට පැමිණෙන අතරතුර රුමේෂ් තරංගගේ හෙල්ලයන්ට හානි වී තිබුණු අතර ගුවන් යානය තුළ දී එසේ හානිවීම නිසා අදාළ ගුවන් සමාගමට ද චෝදනා එල්ල කෙරුණා.

එම සිදුවීමත් සමග නව හෙල්ල කට්ටලයක් ලබාදෙන බවට ක්‍රීඩා අමාත්‍යවරයා පොරොන්දුවක් ලබාදුන් අතර එය ඉටුකරමින් මෙම හෙල්ල කට්ටලය ලබා දී තිබෙනවා.

මෙම හෙල්ල කට්ටලයේ විශේෂත්වය වෙන්නේ රුමේෂ් තරංගගේ ක්‍රීඩා විලාසයට සහ තාක්ෂණික අවශ්‍යතාවලට ගැළපෙන පරිදි ලොව ප්‍රකට හෙල්ල නිෂ්පාදන සමාගමක් වන ස්වීඩනයේ නෝර්ඩික් සමාගම ඔහු වෙන්වෙන්ම මෙම හෙල්ල කට්ටලය නිෂ්පාදනය කර තිබීමයි.

ඒ් අනුව ස්වීඩනයෙන් ගෙන්වන ලද එම හෙල්ල කට්ටලය ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් ඊයේ ක්‍රීඩා අමාත්‍යාංශයේදී රුමේෂ් තරංග වෙත පිරිනමා තිබුණා.

TV

Published by

Kalana

Comments

Reader comments will be connected later.

TV SUPREME

Keep up with the latest stories

Discover more news, videos and live coverage from TV SUPREME.

View Latest News