විමල් වීරවංශට යළි නොතීසි නිකුත් කරයි...

TV SUPREME | විමල් වීරවංශට යළි නොතීසි නිකුත් කරයි...
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට අදාළව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා හිටපු අමාත්‍ය විමල් වීරවංශට නොවැම්බර් මස 30 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා, අභියාචනාධිකරණය යළිත් නොතීසි නිකුත් කර තිබෙනවා.
මහජන රැස්වීමකදී හිටපු අමාත්‍යවරයා විසින් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මඟින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට සඳහන් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව අභියාචනාධිකරණය මෙම නියෝගය ලබා දී තිබෙනවා.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් මීට පෙර ද හිටපු අමාත්‍ය විමල් වීරවංශට නොතීසි නිකුත් කළ ද අදාළ දිනයේ ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙසේ ඔහුට යළි නොතීසි නිකුත් කිරීමට අධිකරණය කටයුතු කර තිබෙනවා.
Published by
Kalana
Comments
Reader comments will be connected later.




