කොළඹ වරායේ මෙහෙයුම් ඩිජිටල්කරණ ව්‍යාපෘතියකට එක්සත් ජනපදයෙන් ඩොලර් මිලියන 17ක ආයෝජනයක්...
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟ එක්ව, එක්සත් ජනපදය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. 'මැරිටයිම් සිංගල් වින්ඩෝ' සහ 'පෝට් කමියුනිටි සිස්ටම්' ඩිජිටල් පද්ධති දෙක සංවර්ධනයට එක්සත් ජනපද සහය. වෙළඳ කටයුතු පමා කරන ලිපිලේඛන මත පදනම් වූ ක්‍රියාවලිය මෙම ව්‍යාපෘතිය මගින් වෙනස් කෙරෙනු ඇති.

TV SUPREME | කොළඹ වරායේ මෙහෙයුම් ඩිජිටල්කරණ ව්‍යාපෘතියකට එක්සත් ජනපදයෙන් ඩොලර් මිලියන 17ක ආයෝජනයක්...
ශ්‍රී ලංකාවේ කොළඹ වරායේ මෙහෙයුම් ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 17ක් ආයෝජනය කිරීමට එක්සත් ජනපදය තීරණය කර ඇති බව ශ්‍රි ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කර තිබෙනවා.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟ එක්ව, එක්සත් ජනපදය කොළඹ වරාය සඳහා නව ඩිජිටල් පද්ධති හඳුන්වා දෙනු ඇති බවත්, මෙම පද්ධති මගින් වරාය මෙහෙයුම් විධිමත් කෙරෙන අතර, භාණ්ඩ ප්‍රවාහනය වේගවත් කිරීමටත්, නැව්ගත කිරීමේ ප්‍රමාදයන් සහ පිරිවැය අඩු කිරීමටත් උපකාරී වනු ඇති බවත් ශ්‍රි ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කර තිබෙනවා.
එක්සත් ජනපද අරමුදල් මගින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින් 'මැරිටයිම් සිංගල් වින්ඩෝ' සහ 'පෝට් කමියුනිටි සිස්ටම්' යන අන්තර් සම්බන්ධිත ඩිජිටල් පද්ධති දෙකක් සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියට සහාය වනු ඇති බවත්, මේ හරහා ලිපිලේඛන කටයුතු අවම කිරීම, සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම සහ කොළඹ වරාය හරහා භාණ්ඩ හුවමාරු ක්‍රියාවලිය වේගවත් කිරීම අපේක්ෂා කෙරෙනවා.
මෙම පද්ධති මගින් නැව් සමාගම්, රේගු නිලධාරීන්, ආගමන විගමන බලධාරීන්, වරාය ක්‍රියාකරුවන් සහ ව්‍යාපාරික ආයතනවලට තොරතුරු විද්‍යුත් මාර්ගයෙන් හුවමාරු කර ගැනීමට ඉඩ සැලසෙනු ඇති අතර, එමගින්, වෙළඳ කටයුතු මන්දගාමී කරන ලිපිලේඛන මත පදනම් වූ සහ විසිරුණු ක්‍රියාවලීන් වෙනස් වෙනු ඇති බව සඳහන්.
මෙම ව්‍යාපෘතිය මගින් ගෝලීය වෙළඳාම තුළ ශ්‍රී ලංකාවේ කාර්යභාරය ශක්තිමත් කෙරෙන බව පවසන එක්සත් ජනපද තානාපති කාර්යාලය ඇමරිකානු ව්‍යාපාරවලට සහාය වීම, එක්සත් ජනපද සැපයුම් දාමයන් සුරක්ෂිත කිරීම සහ ඇමරිකා එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර වාණිජ අවස්ථා පුළුල් කිරීම ද සිදුවෙනු ඇති බව පවසනවා.
Published by
Kalana
Comments
Reader comments will be connected later.




