TV SUPREME|Colombo ...🌤️
TV Supreme
LIVE
Back to Latest News
කලාNews

යෝගා සුවයේ සැහැල්ලුව ප්‍රවෘත්ති මැදිරියට රැගෙන එන මල්ශ්‍රි.

Speed
සිංහල හඬ
si-LK-SameeraNeural
November 10, 20268:25 AM0 viewsBy Kalana
යෝගා සුවයේ සැහැල්ලුව ප්‍රවෘත්ති මැදිරියට රැගෙන එන මල්ශ්‍රි.

TV SUPREME | යෝගා සුවයේ සැහැල්ලුව ප්‍රවෘත්ති මැදිරියට රැගෙන එන මල්ශ්‍රි.

Share this story

රාත්‍රී ප්‍රවෘත්ති විකාශයක සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන්නේ තොරතුරු වේගයෙන් ගලායන නොසන්සුන් රිද්මයක්.

එම රිද්මය වෙනස් කරමින්, සන්සුන් බව සහ ආකර්ෂණීය හඬ පාලනය පෙරදැරිව තිරයට එන යොවුන් නිවේදිකාවක් ගැන මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ කසු කුසු පැතිර යනවා.

අලුත් ප්‍රවෘත්ති රිද්මයක් අරගෙන TV සුප්‍රීම් නාලිකාවෙන් ප්‍රේක්ෂකයන් හමුවන ඇය මල්ශ්‍රී අමරසිංහ.

ඇය රූපවාහිනී තිරයේදී ඔබ හමුවෙන්නේ TV සුප්‍රීම් නාලිකාව ඔස්සේ සතියේ සෑම දිනකම රාත්‍රී 9.00 සිට 9.10 දක්වා විකාශය වන 'SUPREME 9 HIGH DOSE' ප්‍රවෘත්ති විශේෂාංගය සමගයි.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුභාෂ් ජයවර්ධනගේ සංස්කරණයෙන් සහ ප්‍රකට මාධ්‍යවේදිනී පංචලි අබේසේකරගේ ඉදිරිපත් කිරීමෙන් පෝෂණය වන මෙම වැඩසටහන ඩයලොග් TV (නාලිකා අංක 12) සහ පියෝ TV (නාලිකා අංක 122) ඔස්සේ ද විකාශය කෙරෙනවා.

'SUPREME 9 HIGH DOSE' වැනි බර සාර ප්‍රවෘත්ති වැඩසටහනකට සන්සුන් රිද්මයක් රැගෙන පැමිණි මල්ශ්‍රී මාධ්‍යවේදිනියක් පමණක්ම නොවෙයි. ඇය, ඉන්දියාවෙන් මැනවින් ශිල්ප හැදෑරූ වෘත්තීය යෝගා උපදේශිකාවක්.

එක්සත් රාජධානියේ (UK-CPD, PIA) ශාරීරික යෝග්‍යතා හා පුහුණුකරණ ජාත්‍යන්තර ඩිප්ලෝමාවක් මෙන්ම ක්‍රීඩා සම්බාහනය පිළිබඳ NVQ 4 මට්ටමේ වෘත්තීය නිපුණතාවක් සතු ඇයගේ යෝගා හැදෑරීම් සහ යෝගා පුහුණු කිරීම් පිළිබඳ වැඩිදුර තොරතුරු Malsri Amarasnghe - නිල ෆේස්බුක් පිටුවෙන් සහ Malsri Wellness - ෆේස්බුක් පිටුවෙන් දැනගන්න පුළුවන්.

TV

Published by

Kalana

Comments

Reader comments will be connected later.

TV SUPREME

Keep up with the latest stories

Discover more news, videos and live coverage from TV SUPREME.

View Latest News