ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට නාමල් සහ ජානකී සිරිවර් ධන යළි රිමාන්ඩ්...
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට නාමල් සහ ජානකී සිරිවර්ධන යළි ලබන 23 වනදා දක්වා රිමාන්ඩ්. සැකකාර නාමල් රාජපක්ෂට අදාළ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය තමන්ට සූදානම් කරගත නොහැකි වූ බව මහේස්ත්‍රාත්වරයා කියයි. එම නියෝගය ලබන 23 වන දිනට.
TV SUPREME | ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට නාමල් සහ ජානකී සිරිවර් ධන යළි රිමාන්ඩ්...
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඞ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර් ධන තවදුරටත් ලබන 23 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
මෙම නඩුකරය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී රිමාන්ඩ් භාරයේ පසුවන නාමල් රාජපක්ෂ සහ ජානකි සිරිවර් ධන යන අයගේ ඇප ඉල්ලීම් වලට අදාල නියෝග අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.
නමුත් නඩුකරය කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රත්වරයා ප්‍රකාශය කළේ අද දින සැකකාර ජානකී සිරිවර්ධනගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය පමණක් ප්‍රකාශයට පත් කරන බවයි.
සැකකාර නාමල් රාජපක්ෂ මහතාට අදාළ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය තමන්ට සූදානම් කරගත නොහැකි බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා එම නියෝගය ඊළඟ දින ප්‍රකාශයට පත්කරන බවත් සඳහන් කළා.
ඉන් අනතුරුව සැකකාර ජානකී සිරිවර්ධනගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ " දූෂණ විරෝධී පනතේ 149 වන වගන්තිය ප්‍රකාරව ඇප ප්‍රදානය කිරීම සඳහා සුවිශේෂී කරුණු අධිකරණය හමුවේ තෘප්ත කළ යුතු බවයි.
නමුත් මෙම සැකකාරිය සම්බන්ධයෙන් ඇප ඉල්ලීම් වලට අදාලව ඉදිරිපත් වූ කරුණු වලින් අදාල නීතිමය ප්‍රතිපාදන තෘප්ත කළහැකි කරුණු ඉදිරිපත්ව නොමැති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා සැකකාරියගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව කියා සිටියා.
ඒ අනුව සැකකාර ජානකී සිරිවර් ධන සහ නාමල් රාජපක්ෂ යන අය ලබන 23 වන දා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමටයි මහේස්ත්‍රත්වරයා නියෝග කළේ.
එදින සැකකාර නාමල් රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.
ක්‍රිෂ් සමාගමේ කටයුතු වලට අදාලව රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් වශයෙන් දීම සහ ලබා ගැනීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් මොවුන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරනු ලැබුවා.
Published by
Kalana
Comments
Reader comments will be connected later.




