TV SUPREME|Colombo ...🌤️
TV Supreme
LIVE
Back to Latest News
කලාNews

'ජේලර් 2’ දෙමළ සිනමාවේ නව අදායම් වාර්තාවක් පිහිටුවයි

Speed
සිංහල හඬ
si-LK-SameeraNeural
November 2, 20263:45 PM0 viewsBy vishaka
'ජේලර් 2’ දෙමළ සිනමාවේ නව අදායම් වාර්තාවක් පිහිටුවයි

TV SUPREME | 'ජේලර් 2’ දෙමළ සිනමාවේ නව අදායම් වාර්තාවක් පිහිටුවයි

Share this story

දෙමළ සිනමාවේ සුපිරි තරුව රජිනිකාන්ත් රංගනයෙන් දායකවන 'ජේලර් 2' සිනමා පටය දෙමළ සිනමාවේ මෙතෙක් පැවති සියලු ආදායම් වාර්තා බිඳහෙළමින්, ඉන්දීය රුපියල් කෝටි 800ක ආදායම් සීමාව පසු කළ පළමු දෙමළ චිත්‍රපටය බවට පත්ව තිබෙනවා.

රජිනිකාන්ත් දෙමළ සිනමාවේ නව ආදායම් වාර්තාවක් තබමින් බිඳ දමන්නේ 2018 වසරේ ඔහුගේම රංගනයෙන් යුතුව අති සාර්ථක ව තිරගත කෙරුණු '2.0' චිත්‍රපටයේ ආදායම් වාර්තාව වීම විශේෂයක්.

ඒ් අනුව දෙමළ සිනමාවේ මෙතෙක් ඉහළම වාර්තා තැබූ සිනමා පට දෙකේම ප්‍රධාන නළුවා ලෙස රජිනිකාන්ත්ගේ නම සටහන් වෙනවා.

චිත්‍රපට ආදායම් වාර්තා ගණනය කරන 'Sacnilk' වෙබ් අඩවියට අනුව, 'ජේලර් 2' චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ වී දින 18ක් වැනි කෙටි කාලයක් තුළ ලොව පුරා ප්‍රදර්ශනයෙන් උපයා ඇති ආදායම ඉන්දීය රුපියල් කෝටි 807.25ක් වෙනවා.

සටන් ජවනිකාවලින් පිරුණු මෙම ත්‍රාසජනක චිත්‍රපටය ඉන්දියාව තුළ ප්‍රදර්ශනයෙන් පමණක් ඉන්දීය රුපියල් කෝටි 533.75ක ආදායමක් උපයාගෙන ඇති අතර, විදේශ වෙළඳපොළවල් හරහා තවත් ඉන්දීය රුපියල් කෝටි 273.50ක ආදායමක් උපයා තිබෙනවා.

නෙල්සන් දිලිප්කුමාර් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ සහ 'සන් පික්චර්ස්' විසින් නිෂ්පාදනය කරන ලද 'ජේලර් 2', 2023 වසරේ අති සාර්ථක වූ 'ජේලර්' චිත්‍රපටයේ දෙවන කොටස ලෙසයි තිරගත වෙන්නේ. මෙහි රජිනිකාන්ත් විශ්‍රාමික බන්ධනාගාර නිලධාරියෙකු වන 'මුතුවේල් පාණ්ඩියන්' ලෙස රංගනයේ යෙදෙනවා.

Tamil Cinema‘Jailer 2’
TV

Published by

vishaka

Comments

Reader comments will be connected later.

TV SUPREME

Keep up with the latest stories

Discover more news, videos and live coverage from TV SUPREME.

View Latest News