නවසීලන්තයට එරෙහිව ඉන්දියාවට ලකුණු 22ක ජයක් – එක්දින තරගාවලියේ ජයත් ඉන්දියාවට...

TV SUPREME | නවසීලන්තයට එරෙහිව ඉන්දියාවට ලකුණු 22ක ජයක් – එක්දින තරගාවලියේ ජයත් ඉන්දියාවට...
ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවති පස්වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 22ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
නවසීලන්තයේ මවුන්ට් මවුන්ගනුයිහි බේ ඕවල් ක්‍රීඩාංගණයේදී ඊයේ (15) පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.
ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 42යි පන්දු 1ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 209ක් රැස් කළා.
ඉන්දීය ඉනිම වෙනුවෙන් අක්ෂර් පටෙල් සහ ඉෂාන් කිෂන් ලකුණු 46 බැගින් රැස් කළ අතර, නවසීලන්තය වෙනුවෙන් ජේකබ් ඩෆී කඩුලු 3ක් සහ මැතිව් ෆිෂර් කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.
ලකුණු 210ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 48යි පන්දු 1ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 187ක් පමණයි.
නවසීලන්ත ඉනිම වෙනුවෙන් ඩීන් ෆොක්ස්ක්‍රොෆ්ට් ලකුණු 31ක් සහ මිචෙල් සැන්ට්නර් ලකුණු 24ක් රැස් කළා.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අර්ෂ්දීප් සිං ලකුණු 30කට කඩුලු 3ක් දවාගත් අතර, මොහොමඩ් සිරාජ් ලකුණු 50කට කඩුලු 2ක් බිඳ හෙළුවා.
ඒ අනුව මෙම තරගය ලකුණු 22කින් ජයගත් ඉන්දීය කණ්ඩායම තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය තරග 3-1ක් ලෙස ජයගැනීමට සමත් වුණා.
තරගයේ වීරයා සම්මානය අර්ෂ්දීප් සිංට හිමි වූ අතර, තරගාවලියේ වීරයා සම්මානය ගුර්නූර් බ්‍රාර්ට හිමි වුණා.
Published by
Kalana
Comments
Reader comments will be connected later.




