ව්‍යාපාරිකNews
ලෝක රන් මිල ඩොලර් 3,800 සීමාවෙන් පහළට - මෙරට රන් මිලත් අඩුවෙයි...
Speed
සිංහල හඬ
si-LK-SameeraNeural
November 18, 202611:21 AM0 viewsBy Malsri

TV SUPREME | ලෝක රන් මිල ඩොලර් 3,800 සීමාවෙන් පහළට - මෙරට රන් මිලත් අඩුවෙයි...
Share this story
ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, රන් අවුන්සයක මිල මේ වනවිට අමෙරිකානු ඩොලර් 3,774ක් දක්වා පහත වැටී ඇති අතර, එය ඩොලර් 3,800 සීමාවෙන් පහළට පැමිණීමක් වනවා.
මේ අතර, ලෝක වෙළෙඳපොළේ රන් මිල පහළ යාමත් සමඟ මෙරට රන් මිල ද රුපියල් 3,000කින් පමණ පහළ ගොස් තිබුණා.
ඒ අනුව, අද (18) කැරට් 22 රන් පවුමක මිල රුපියල් 326,600ක් වන අතර, ඊයේ එම මිල රුපියල් 329,400ක් ලෙස ලෙස සටහන් වුණා.
එමෙන්ම, කැරට් 24 රන් පවුමක මිල අද රුපියල් 355,000ක් දක්වා පහළ ගොස් ඇති අතර, ඊයේ එම මිල රුපියල් 358,000ක් ලෙස සටහන්ව තිබුණා.
TV
Published by
Malsri
Comments
Reader comments will be connected later.




