විදේශ ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් මිලියන 735.6ක් දක්වා ඉහළට...

TV SUPREME | විදේශ ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් මිලියන 735.6ක් දක්වා ඉහළට...
පසුගිය වසරේ (2025) ඔක්තෝම්බර් මාසයට වඩා මෙම වසරේ ඔක්තෝම්බර් මාසයේදී විදේශ ගත ශ්‍රමිකයන්ගෙන් මෙරටට ලැබෙන ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් මිලියන 735.6ක් දක්වා වැඩිවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද නොවැම්බර් 06 වන දිනෙන් අවසන් වූ සතියට අදාළ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව ඉකුත් වසරේ ඔක්තෝම්බර් මාසයේදී මෙරටට ලැබී ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 712.0ක ප්‍රේෂණ ප්‍රමාණයක්.
මෙම වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝම්බර් කාලය දක්වා ගතවූ මාස 10 තුළ මුලු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 7600.9ක් දක්වා එනම් 16.5%කින් වැඩිවී ඇතැයිද එම වාර්තාවේ සඳහන් වනවා.
ඒ අනුව 2026 ඔක්තෝබර් මස අවසානය වන විට මෙරට මුළු නිල රක්ෂිත වත්කම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 7,086 ක් ලෙස තාවකාලිකව ඇස්තමේන්තු කර තිබෙනවා.
මේ වසරේ ඔක්තෝබර් මාසයේදී විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණු විදේශ ප්‍රේරණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 735.6 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 2025 ඔක්තෝබර් මාසයේ වාර්තා වූ ඩොලර් මිලියන 712.0 ට වඩා වැඩිවීමක්.
Published by
Malsri
Comments
Reader comments will be connected later.




