TV SUPREME|Colombo ...🌤️
TV Supreme
LIVE
Back to Latest News
ව්‍යාපාරිකNews

මූල්‍ය සාක්ෂරතාවයෙන් සවිමත් රටක් උදෙසා 'FinLit EXPO 2026' හෙට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී...

Speed
සිංහල හඬ
si-LK-SameeraNeural
November 9, 20264:34 PM0 viewsBy Malsri
මූල්‍ය සාක්ෂරතාවයෙන් සවිමත් රටක් උදෙසා 'FinLit EXPO 2026' හෙට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී...

TV SUPREME | මූල්‍ය සාක්ෂරතාවයෙන් සවිමත් රටක් උදෙසා 'FinLit EXPO 2026' හෙට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී...

Share this story

මූල්‍ය සාක්ෂරතාවයෙන් සවිබල ගැන්වුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතලේ ශාඛාව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය එක්ව සංවිධානය කරන ‘FinLit Expo 2026’ මූල්‍ය සාක්ෂරතා ප්‍රදර්ශනය හෙට (10 ) පෙරවරු 08.00 සිට පස්වරු 06.00 දක්වා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සනාතන මන්දිර පරිශ්‍රයේදී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් යන අයගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණ වන්නේ තරුණ පරපුර ඇතුළු මහජනතාව තුළ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීමත්, නිවැරදි මූල්‍ය තීරණ ගැනීම සඳහා අවශ්‍ය දැනුම හා කුසලතා ලබාදීමත්ය.

මීට අමතරව මහජනතාවගේ මූල්‍ය සහ ආයෝජන කටයුතු සවිමත් කිරීම වෙනුවෙන් විශේෂ සේවා රැසක් මෙම ප්‍රදර්ශනයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

TV

Published by

Malsri

Comments

Reader comments will be connected later.

TV SUPREME

Keep up with the latest stories

Discover more news, videos and live coverage from TV SUPREME.

View Latest News