TV SUPREME|Colombo ...🌤️
TV Supreme
LIVE
Back to Latest News
අධිකරණ/පොලිස්News

උලපනේ සුමංගල හිමි ඇතුළු විරෝධතාකරුවන් 54 දෙනෙකුට එරෙහිව අධිකරණ නියෝගයක්...

උලපනේ සුමංගල හිමි ඇතුළු 54 දෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් බෞද්ධ භික්ෂූන් වහන්සේ ඇතුළු විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය පිහිටි අධි ආරක්ෂිත කලාපයේ රැඳී සිටිමින්, විරෝධතාවක නිරත වීම මහජන පීඩාවක් බවට පොලිසිය අධිකරණයට කරුණු දක්වයි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දඬුවම් නියම කරන ලද ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දෙන ලෙස විරෝධතාවේ නිරත පිරිස් ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි

Speed
සිංහල හඬ
si-LK-SameeraNeural
October 16, 20261:44 PM0 viewsBy Kalana
උලපනේ සුමංගල හිමි ඇතුළු විරෝධතාකරුවන් 54 දෙනෙකුට එරෙහිව අධිකරණ නියෝගයක්...

TV SUPREME | උලපනේ සුමංගල හිමි ඇතුළු විරෝධතාකරුවන් 54 දෙනෙකුට එරෙහිව අධිකරණ නියෝගයක්...

Share this story

උලපනේ සුමංගල හිමි ඇතුළු බෞද්ධ භික්ෂූන් වහන්සේ 29 දෙනෙකුට, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල ඇතුළු දේශපාලනඥයින් 10 දෙනෙකුට සහ සිවිල් සමාජ නියෝජිතයන් 18 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 54 දෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ එම පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය පිහිටි අධි ආරක්ෂිත කලාපයේ රැඳී සිටිමින්, අඛණ්ඩ විරෝධතාවක නිරත වීම මහජනයාට පීඩාවක් බවට පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බලමින්. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දඬුවම් නියම කරන ලද ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා දින පහක් පුරා පාගමනින් පැමිණි උලපනේ සුමංගල හිමි ඇතුළු මෙම විරෝධතා කණ්ඩායම ඊයේ කොළඹට ළඟා වී ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණියා. එහිදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දෙන ලෙස වූ තම කණ්ඩායමේ ඉල්ලීම ජනාධිපති ලේකම්වරයාට ඉදිරිපත් කරන ලද අතර, එම ඉල්ලීම ඉටු කෙරෙන තෙක් ජනාධිපති කාර්යාලය ඉදිරිපිටම රැඳී සිටින බවටයි ප්‍රතිඥා දුන්නේ. මේ අතර එම පිරිස රාත්‍රී කාලයේ එම භූමිය තුළ කූඩාරමක් ඉදිකිරීමට දරන ලද උත්සාහයේදී පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම්කාරී තත්ත්වයක් ද මතුවුණා

TV

Published by

Kalana

Comments

Reader comments will be connected later.

TV SUPREME

Keep up with the latest stories

Discover more news, videos and live coverage from TV SUPREME.

View Latest News