TV SUPREME|Colombo ...🌤️
TV Supreme
LIVE
Back to Latest News
දේශපාලනයNews

“මිරිස් ටැක්ස්එක අඩු කරේ වරායේ මිරිස් කන්ටේනර් 60ක් හිරවෙලා තියෙද්දි” - පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

Speed
සිංහල හඬ
si-LK-SameeraNeural
November 15, 20265:40 AM0 viewsBy Kalana
“මිරිස් ටැක්ස්එක අඩු කරේ වරායේ මිරිස් කන්ටේනර් 60ක් හිරවෙලා තියෙද්දි” - පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

TV SUPREME | “මිරිස් ටැක්ස්එක අඩු කරේ වරායේ මිරිස් කන්ටේනර් 60ක් හිරවෙලා තියෙද්දි” - පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

Share this story

මෙවර අයවැයෙන් වියළි මිරිස් සඳහා ආනයන බදු අඩු කර ඇත්තේ, දැනටමත් වියළි මිරිස් කන්ටේනර් 60ක් වරායට පැමිණ තිබියදී බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඒ් අනුව උම්බලකඩ සඳහා බදු අඩු කළේ ද වරායට උම්බලකඩ කන්ටේනර් කීයක් පැමිණ ඇති පසුබිමකදැයි සොයා බැලිය යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.

2027 වසර සඳහා ඉදිරිපත් කරන ලද අය වැය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඊයේ ඔහු මේ බව සඳහන් කළා.

එහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා දැක්වූ අදහස මේ සමග “දැන් බලන්න ඔබතුමාලා 2025 ආණ්ඩුව භාරගෙන ජනාධිපතිතුමා අයවැය කතාවේදී කිව්වා 2024 වෙනකොට ආර්ථික වර්ධන වේගය 7%කට ගේනවා කියලා. ඔබතුමාලා භාරගන්නකොට 5.3%යි. දැන් ඔබේ ජනාධිපතිවරයා තුන්වෙනි අයවැය කියවනකොට ආර්ථික වර්ධන වේගය 4.2%කට අඩු වෙලා තියෙනවා.

ඔබතුමාලා ආණ්ඩුව භාරගන්නකොට උද්ධමනය සෘණ අගයක් තිබ්බේ. ඔබතුමාට අවුරුදු තුනක් ආණ්ඩු කරනකොට උද්ධමනය 8.3යි. හැම අත්‍යවශ්‍ය භාණ්ඩයකම මිල 10%කින් අවම වශයෙන් වැඩි වෙලා තියෙනවා. ඔබතුමාලා රට භාරගන්නකොට ඩොලර් එක 295යි, ඒ මාසය ඇතුළත. අද 332යි. ඒකට ඔබතුමාලට, ලෝකයේ ප්‍රශ්න පෙන්නන්න පුළුවන්, යුද්ධ යනවා කියන්න පුළුවන්, හැබැයි ඉතින් මේ හැම කාරණයක් ඇතුළෙන්ම ආර්ථිකය කළමනාකරණය කිරීමේ වගකීම ඔබ තුමන්ලාට තියෙනවා.

මේ ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය පෝසත් මනුස්සයා තවදුරටත් පෝසත් කරන්නත්, දුප්පත් මනුස්සයා තවදුරටත් දුප්පත් කරන බදු ප්‍රතිපත්තියක් ඔබ අනුගමනය කරන්නේ පසුගිය කාලේ අපිත් දිගින් දිගටම ඔබට මතක් කළා මේ පාසල් දරුවන්ගේ පොත්පත් වලින් වැට් එක අයින් කරන්න කියලා. ඒක හරි දැන් කරලා තියෙනවා. හැබැයි අත්‍යවශ්‍ය ආහාර වල, කිරිපිටි වල, බෙහෙත් වල, වැට් බද්ද අයින් කරන්න ඔබතුමාලාට බැරි වෙලා.

අපි බැලුවා ජනාධිපතිතුමා මහන්සි වෙලා මිරිස්වල ටැක්ස් එක අඩුකරේ ඇයි කියලා. බලද්දි, වරායෙ කන්ටේනර් 60ක් තියෙනවා මිරිස් හිරවෙලා, මේ මාසේ පටන් ගන්නකොට ආපු. බලනකොට ජනාධිපතිතුමා අයවැය කතාවෙනුත් මිරිස් අඩු කරලා, ඒ කියන්නේ අර කන්ටේනර් 323 ට මේ 60ත් එකතු කරගන්න. මම දැක්කා උම්බලකඩවල ටැක්ස් එකත් අඩු කරලා තියෙනවා. හොඳයි. හැබැයි ඉතින් උම්බලකඩ කන්ටේනර් කීයක් වරාය තියෙනවද කියලා බලන්න ඕනේ. ඒ් වගේම අමතක කරන්න එපා දකුණු පළාතේ විතරක් උම්බලකඩ නිෂ්පාදනය ස්වයං රැකියාවක් විදිහට කරන කාන්තාවෝ 1000කට වඩා ජීවත් වෙනවා.”

TV

Published by

Kalana

Comments

Reader comments will be connected later.

TV SUPREME

Keep up with the latest stories

Discover more news, videos and live coverage from TV SUPREME.

View Latest News