බැන්ටන්ගේ ශතකයෙන් එංගලන්තයට විශිෂ්ට ජයක් – එක්දින තරගාවලියත් සම වෙයි...

TV SUPREME | බැන්ටන්ගේ ශතකයෙන් එංගලන්තයට විශිෂ්ට ජයක් – එක්දින තරගාවලියත් සම වෙයි...
එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 135ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.
ඊයේ (15) ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.
ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 355ක් රැස් කිරීමට සමත් වුණා.
එංගලන්ත ඉනිම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ටොම් බැන්ටන් පන්දු 99කදී ලකුණු 121ක් රැස් කළ අතර, ඊට හතරේ පහර 12ක් සහ හයේ පහර 4ක් ඇතුළත් වුණා.
එමෙන්ම ජෝ රූට් ලකුණු 62ක්, ජෝර්ඩන් කොක්ස් ලකුණු 67ක් සහ විල් ජැක්ස් නොදැවී ලකුණු 54ක් රැස් කරමින් එංගලන්ත ලකුණු පුවරුව ඉහළ නැංවීමට දායක වුණා.
ඕස්ට්‍රේලියාව වෙනුවෙන් සේවියර් බාර්ට්ලට් කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා.
ලකුණු 356ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 4ක් ලකුණු 29ක් තුළ බිඳ වැටීමත් සමඟ තරගය දැඩි අසීරු තත්ත්වයකට පත්වුණා.
කෙසේ වෙතත් කැමරන් ග්‍රීන් ලකුණු 64ක් සහ මැට් රෙන්ෂෝ ලකුණු 63ක් රැස් කරමින් ඕස්ට්‍රේලියානු ඉනිම ගොඩනැගීමට උත්සාහ කළද එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් වූයේ නැහැ.
ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දුවාර 44යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 220ක් පමණයි.
එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ගස් ඇට්කින්සන් ලකුණු 28කට කඩුලු 4ක් දවාගත් අතර, සෑම් කරන් සහ ලියම් ඩෝසන් කඩුලු 2 බැගින් බිඳ හෙළුවා.
ඒ අනුව මෙම තරගය ලකුණු 135කින් ජයගත් එංගලන්ත කණ්ඩායම තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 1-1ක් ලෙස සම කිරීමට සමත් වුණා.
තරගයේ වීරයා සම්මානය එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට ශතකයක් රැස් කළ ටොම් බැන්ටන්ට හිමි වුණා.
ඒ අනුව තරගාවලියේ ජයග්‍රාහකයන් තීරණය කෙරෙන තීරණාත්මක තෙවැනි සහ අවසන් එක්දින තරගය නොවැම්බර් 18 වැනිදා හෝබාර්ට්හිදී පැවැත්වීමට නියමිතයි.
Published by
Kalana
Comments
Reader comments will be connected later.




